පොඩි බබාල ඉන්න අම්මල තාත්තලට ගොඩක් වටිනව. අනිවාර්යෙන්ම කියවන්න.

පොඩි බබාල ඉන්න අම්මල තාත්තලට ගොඩක් වටිනව. අනිවාර්යෙන්ම කියවන්න. පොඩි බබාල ඉන්න අම්මල තාත්තලට ගොඩක් වටිනව. අනිවාර්යෙන්ම කියවන්න. අපේ රටේ දරුවන් සාමාන්යයෙන් විවිධ වර්ණ සහ රසයන්වලට එක සමාන කැමැත්තක් දක්වනවා. දෙමාපියන්ද උත්සාහ ගන්නේ කෑම රස ගන්වන්නයි.එමෙන්ම දරුවන්ගේ ආකර්ශනය ඇති වන සේ කෑම සකස් කිරිමද වැදගත් වෙනවා. වෙලද ප්රජාවන් විසින් මෙම උපක්රමය හොදින් භාවිතායට ගෙන එමගින් ඔවුන් කරනු ලබන්නේ එවැනි වර්ණකාරක,රසකාරක ආහාර සසහා යොදා දරුවන් ඒවාට ඇබ්බැහි කර ගැනීමයි. විවිධ රටවල කළ පර්යේෂණයන්ට අනුව අවුරුදු 2-10ත් අතර දරුවන් ආස කරන කෑම වර්ගවල පැණිබීම,රස කැවිලි වර්ග,චොකලට් වර්ග,fresh fruit වර්ග සදහා වැඩිපුරම යොදා ගෙන ඇති ජනප්රිය පාට වර්ගයන් වී ඇත්තේ රතු පැහැය,තද කොල පැහැය,කහ පැහැය සහ මස් පෙනුම ඇති දුඹුරු පැහැයයි. එසේ අද වෙලද පොලේ අපට දක්නට ලැබෙන බොහෝ පැණි බිම වර්ග ද රතු පැහැය,කහ,හෝ තැඹිලි පැහැයට දුඹුරු හෝ දම් පැහැයට සහිත කෝලා බීම වර්ණ පැහැයෙන්ද යවලදපොලට නිකුත් කරනුයේ දරුවන් ඒ සදහා උනන්දුව ඇති කිරිම සදහාය. එලෙස වරණ ගැන්විම සදහා විවිධ රසායනික වර්ණක ශරිරයට අහිතකර රසායනික ද්රව්යයන් මිශ්ර කරන අතර දරුවන්ට පමනක් නොව වැඩහිටියන් වන අපට ද එවැනි එසකාරක වර්ණක යෙදු ආහාර කිසිසේත් සුදුසු වන්නේ නැහැ. මෙම ආහාර මගින් ප්රධාන ලෙසම වකුගඩු ආසාදන,හෘසයාබාධ,මොලයේ ස්නායු සුර්වලතා වැනි භයානක රෝගි තත්ත්වයන් ඇති විය හැකි අතර දරැවන්ගේ ප්රත්ශක්තිය දුර්වලවීමද, වර්ධනය අඩු විම සදහා ද මෙම පාට පාට වර්ණක යෙදු ආහාර බලපානු ලබනවා. එම නිසා නිවසේදි දරුවන්ට ස්වභාවිකව ආකරවන ආකාරයට කෑම පිලියෙල කර ගැනිම මවකගේ යුතුකම වෙනවා.කහ පැහැය ලගින් යන වර්ණය කහ කුඩු වලින් ද,රතු පැහැය බිම් අල තක්කාලි රෝස මල් පෙති වලින් ලබාගත හැකිය.කොල පැහැය සදහා සමහර පලා වර්ගද දුඹුරු පැහැය සදහා කුලු බඩු වර්ගද උප⁣යෝගි කොට ගෙන ගෙදර සකසන පලතුරු බීම මෙන්ම බත් එක අලංකාරව රස ගැන්විම සදහා එක් කල හැකිය.පාන් වල තැවැරුම් වලටද එසේ කල කලහැකිය. කිරිසදහා වල රසය ගැනිම සහා මෙන්ම සුදු වර්නය වෙනස් කිරිම සදහා චොක්ලට් කුඩු,ස්ට්රෝබෙරි ඉස්ම,වැනිලා එක් කර ගනිමින් ආහාර සකසා ගත හැකිය.මෙලෙස ආහාරයේ රසය ද වර්ණයද විවිධ ලෙස වෙනස්කම් කල හැකි අතර ස්වභාවික ආහාර වේල් දරුවන්ට ලබා දිම නිසා දරුවන්ගේ ආහාර ජිර්න පද්ධතිය හොදින් ක්රියාත්මක වේ. ඊට අමතරව ස්වභාවිකව ලබා දෙන එළවලු හා පලතුරු සාරයන් මගින් කෑමවල වර්නක වෙනස් කිරිමෙන් දරුවන්ට නිතර සෑදෙන සෙම්ප්රතිශ්යාව,උන, ප්රතිශක්තිකරණ ගැටලු හමේ රෝග ආදිය ද වලක්වා ගත හැකි වෙනවා. එම නිසා වෙලදපොලේදි දරුවන් ආකර්ශනය කරවන වසවිස වර්ණක වලට නොරැවටි නිවසේදි දරුවන් කැමැති වර්ණක ස්වභාවිකව සකස් කර දරුවන්ගේ ආහාරයට එක් කිරිම මවක ලෙස ඔබගේ යුතුකම හා වගකිම ⁣වන බව අවබෝද කර ගන්න. විශේෂඥ වෛද්ය අසංග විජයරත්න අමායා සගරාවේ, 2 කාණ්ඩය කලියුගය.com

Comments

Popular posts from this blog

වැඩුණු දරුවන් ඇඳ තෙමන හේතු

වෙළදපොලේ ඇති සබන් වර්ග, ක්‍රීම් වර්ග ඇත්තටම බබාට හිතකරද?