වෙළදපොලේ ඇති සබන් වර්ග, ක්‍රීම් වර්ග ඇත්තටම බබාට හිතකරද?

ළදරු සමට හිතකර වෙළදපොලේ ඇති සබන් වර්ග, ක්‍රීම් වර්ග ඇත්තටම බබාට හිතකරද? අලුත් උපන් බබෙකුගේ සම හා සම්බන්ධ කාරණා ඉතාමත් සOවේදී. විශේෂයෙන්ම මූලික අවධියේදී බබාගේ ප්‍රතිශක්තීකරණය වර්ධනය වන නිසා ඔබ බාහිරව ආලේප කරන දේ ඉතාමත් පරිස්සමින් සහ සැලකිළිමත්ව කල යුතුයි. මෙහිදී ක්‍රීම් සහ සබන් වර්ග සාමාන්‍ය ආකාරයෙන් බබාගේ සිරුරේ ගැල්වූවාට කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් බබාගේ සිරුරේ දහඩිය බිබිළි, දද හෝ ඩයිපර්ස් මගින් ඇතිවෙන ආසාත්මිකතා වගේ දේවල් සදහා වෛද්‍යවරයා මුණගැසීම වැදගත්. බබාට සුදුසුම රසායනික දියර නැති, රසායනික සුවද විලවුන් නොගැල්වූ ළදරු සමට හිතකර නිෂ්පාදනයි. කෙසේ නමුත් ඔබේ බබාට මෙම නිෂ්පාදන මිලදී ගන්නට කලින් අපි දෙන මේ ටිප්ස් ටික කියවලා ඉන්න. ලේබලය හොදින් කියවන්න – මෙමගින් ඔබට නිෂ්පාදනයට යොදා ඇති අමුද්‍රව්‍ය සහ කල් ඉකුත් වෙන දින වගේ දේවල් මිලදී ගන්නට පෙරම නිරීක්ෂණය කරන්න පුලුවන්. ස්වභාවික නිෂ්පාදන – බොහො වෙලාවට ළදරු නිෂ්පාදන වලට යොදාගන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය නමුත් ඔබට හෝ ඔබේ පවුලේ කෙනෙකුට ආසාත්මිකතා හෝ ඇදුම වැනි රෝග තියෙනවානම් ඔබේ බබාටත් උද්භිද ශාක නිෂ්පාදන හෝ ඖෂධපැළෑටි වලින් නිපදවූ නිෂ්පාදන සOවේදී වෙන්න පුලුවන්. ‘hypoallergenic’ යන නාමයට රැවටෙන්න එපා – මෙහි නියම තේරුම සමෙහි ආසත්මිකතා ඇතිකිරීමට ඇති හැකියාව අවම බවයි. නමුත් බොහෝ අම්මලා මෙම නාමය ඇති නිෂ්පාදන අනෙක් සියලුම නිපැයුම් වලට හොදයි කියලා මිලදීගන්න නැඹුරුවෙනවා. ඒක මිත්‍යාවක්. ෆතාලේට් හෝ පරාබෙන් නොමැති නිෂ්පාදන – මේවා ළදරු සමට විතරක් නොව වැඩිහිටි සමටද ඉතාමත් අහිතකරයි. නමුත් බොහෝ සම් ආශ්‍රිත ආලේපන වලට මේවා රහසේම පාවිච්චි කරනවා. මේ නිසා නිෂ්පාදන මිලදී ගැනීමට පෙර මෙය නිරීක්ෂණය කිරීම අනිවාර්යයි. දැන් ඔබ දන්නවා හරිම දේ ඔබේ බබාට තෝරාදෙන්න. බබාගේ සම සතුටින් නම් බබා සතුටින්. ඒක නේද අම්මලාට ඕනි? Source...http://www.raisingchildren.lk

Comments

Popular posts from this blog

වැඩුණු දරුවන් ඇඳ තෙමන හේතු

පොඩි බබාල ඉන්න අම්මල තාත්තලට ගොඩක් වටිනව. අනිවාර්යෙන්ම කියවන්න.