Posts

Showing posts from May, 2018

පොඩි බබාල ඉන්න අම්මල තාත්තලට ගොඩක් වටිනව. අනිවාර්යෙන්ම කියවන්න.

Image
පොඩි බබාල ඉන්න අම්මල තාත්තලට ගොඩක් වටිනව. අනිවාර්යෙන්ම කියවන්න. පොඩි බබාල ඉන්න අම්මල තාත්තලට ගොඩක් වටිනව. අනිවාර්යෙන්ම කියවන්න. අපේ රටේ දරුවන් සාමාන්යයෙන් විවිධ වර්ණ සහ රසයන්වලට එක සමාන කැමැත්තක් දක්වනවා. දෙමාපියන්ද උත්සාහ ගන්නේ කෑම රස ගන්වන්නයි.එමෙන්ම දරුවන්ගේ ආකර්ශනය ඇති වන සේ කෑම සකස් කිරිමද වැදගත් වෙනවා. වෙලද ප්රජාවන් විසින් මෙම උපක්රමය හොදින් භාවිතායට ගෙන එමගින් ඔවුන් කරනු ලබන්නේ එවැනි වර්ණකාරක,රසකාරක ආහාර සසහා යොදා දරුවන් ඒවාට ඇබ්බැහි කර ගැනීමයි. විවිධ රටවල කළ පර්යේෂණයන්ට අනුව අවුරුදු 2-10ත් අතර දරුවන් ආස කරන කෑම වර්ගවල පැණිබීම,රස කැවිලි වර්ග,චොකලට් වර්ග,fresh fruit වර්ග සදහා වැඩිපුරම යොදා ගෙන ඇති ජනප්රිය පාට වර්ගයන් වී ඇත්තේ රතු පැහැය,තද කොල පැහැය,කහ පැහැය සහ මස් පෙනුම ඇති දුඹුරු පැහැයයි. එසේ අද වෙලද පොලේ අපට දක්නට ලැබෙන බොහෝ පැණි බිම වර්ග ද රතු පැහැය,කහ,හෝ තැඹිලි පැහැයට දුඹුරු හෝ දම් පැහැයට සහිත කෝලා බීම වර්ණ පැහැයෙන්ද යවලදපොලට නිකුත් කරනුයේ දරුවන් ඒ සදහා උනන්දුව ඇති කිරිම සදහාය. එලෙස වරණ ගැන්විම සදහා විවිධ රසායනික වර්ණක ශරිරයට අහිතකර රසායනික ද්රව්යයන් මිශ්ර කරන අතර දරුවන්ට

බබාලා පොදුවේ සාමාන්‍යයෙන් පෙන්වන අපහසුතාවන් කීපයක් :

Image
බබාලා පොදුවේ සාමාන්‍යයෙන් පෙන්වන අපහසුතාවන් කීපයක් : ප්‍රතිවාහ (කිරි වමනය යාම) බබාලාගේ බඩවැලේ සාමාන්‍යයෙන් සිදුවන සංකෝචන ක්‍රියාවලිය සිදුවීමට යම් කාලයක් ගත වේ. එය සිදුවන තෙක් බබාලා බොන කිරි සාමාන්‍ය කාලයට වඩා වැඩි කාලයක් ඔවුන්ගේ බඩේ තැන්පත් වී තිබී, නැවත ආපසු එලියට එයි. මෙය “reflux” (රිෆ්ලක්ස්) නමින් හැඳින් වේ. මෙය බබාලාට වයස මාස 4 – 12 වනවිට මඟ හැරී යනු ඇත. මල බද්ධය (බඩ වේලීම) දරුවන් කුඩා කාලයේදී ඔවුන්ගේ මල පහවීම සාමාන්‍ය අයුරින් සිදු නොවේ. සමහර බබාලාගේ මල (අසූචි) වියළි වී, ඝන වීමෙන් ඔවුන් මල පහකිරීමට යත්න දැරීමේදී, හඬා වැටේ ශ්‍රී ලංකාවේ බබාලාට මවු කිරි දෙන මව්වරුන් ගස්ලබු ආහාරයට ගැනීමෙන් බබාලාව මෙම පහසුතාවයෙන් මුදවා ගත හැක. කෙළ පෙරීම මෙය බබාලා ඉපදුන විට පටන් ගන්නා අතර මාස 3 වනවිට නවතී. අතීසාරය (පාචනය) ශ්‍රී ලංකාවේ බබාලාට දියර වශයෙන් මල පහවීම වැළඳෙන්නේ යම් විෂබීජයක් ශරීරගත වීමෙනි. මෙය උණ නොමැතිව සති 3ක් හෝ 3ක් තිබේ නම්, එය කිරි අසාත්මිකතාවයකින් හෝ කිරිවල ඇති සීනි (ලැක්ටෝස්) නිසා විය හැකිය. මේ පිලිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා milk allergy or lactose බලන්න. වමනය

ළදරු අතීසාරය

Image
ළදරු අතීසාරය ළදරු අතීසාරයේදී ළදරු මරණ ඇතිවීමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ පිටවන මල කොටස සමග දියර කොටස් පිටවී යාම නිසා වන නිර්ජලතාවය හෙවත් සිරුරේ දියර පදාර්ථය අතිශයින් හීන වී යාමයි. මේ නිසා එබදු නිර්ජලයතාවයක් ඇතිවේගෙන එන්නේ දැයි නිතර පරික්ෂාවෙන් සිටිය යුතුය. නිර්ජලයතාවය ඇති වන විට, සම වියළී යාම , හැකිලීම සමේ ඇදෙන ගතිය වැඩි වීම ඇස් යටට ගිලීම ළදරුවා නිතරම වියළි වූ විට දිව පිටතට දමමින් හැඩීම හිසේ තෙල් වල ගිලා බැසීම දෙනෙත් දීප්තිය නැති වීම ආදී ලක්ෂණ පහළ වේ. මේ ලක්ෂණ පහළ වන විට ළදරුවාගේ හෘදය, මොළය, වකුගඩු ආදී ඉන්ද්‍රියන් අනතුරට මුහුණ පා ඇති බව තේරුම් ගත යුතුය. එහෙයින් වහාම ළදරුවා රෝහලක් වෙත ගෙන යා යුතුය. අතීසාරය නිසා පහළ විය හැකි නිර්ජල්‍යතාවයෙන් ළදරුවා බේරා ගැනීමට ඉතා සුළු ප්‍රතිකර්මයක් කළහැකි වේ. ඒ සදහා පහත දැක්වෙන පානය සාදා ‍ ගෙන මිනිත්තු 10 කට පමණ වරක් තේ හැන්දෙන් 3-4 පමණ ළදරුවාට දින 2ක් 3ක් පමණ නොකඩවා දිය යුතුය. ඒ අතරතුර අතීසාරයට වෙනම බෙහෙත් වර්ග දිය යුතුය. ලුණු තේ හැදි 1ක් සීනි තේ හැදි 8ක් දෙහි යුෂ තේහැදි 1ක් මේ සියල්ල උණු කර නිවාගත් වතුර බෝතල් ¾ ක දිය කර ගන්න. නොයෙක් හේතු නිසා ළදර

වෙළදපොලේ ඇති සබන් වර්ග, ක්‍රීම් වර්ග ඇත්තටම බබාට හිතකරද?

Image
ළදරු සමට හිතකර වෙළදපොලේ ඇති සබන් වර්ග, ක්‍රීම් වර්ග ඇත්තටම බබාට හිතකරද? අලුත් උපන් බබෙකුගේ සම හා සම්බන්ධ කාරණා ඉතාමත් සOවේදී. විශේෂයෙන්ම මූලික අවධියේදී බබාගේ ප්‍රතිශක්තීකරණය වර්ධනය වන නිසා ඔබ බාහිරව ආලේප කරන දේ ඉතාමත් පරිස්සමින් සහ සැලකිළිමත්ව කල යුතුයි. මෙහිදී ක්‍රීම් සහ සබන් වර්ග සාමාන්‍ය ආකාරයෙන් බබාගේ සිරුරේ ගැල්වූවාට කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් බබාගේ සිරුරේ දහඩිය බිබිළි, දද හෝ ඩයිපර්ස් මගින් ඇතිවෙන ආසාත්මිකතා වගේ දේවල් සදහා වෛද්‍යවරයා මුණගැසීම වැදගත්. බබාට සුදුසුම රසායනික දියර නැති, රසායනික සුවද විලවුන් නොගැල්වූ ළදරු සමට හිතකර නිෂ්පාදනයි. කෙසේ නමුත් ඔබේ බබාට මෙම නිෂ්පාදන මිලදී ගන්නට කලින් අපි දෙන මේ ටිප්ස් ටික කියවලා ඉන්න. ලේබලය හොදින් කියවන්න – මෙමගින් ඔබට නිෂ්පාදනයට යොදා ඇති අමුද්‍රව්‍ය සහ කල් ඉකුත් වෙන දින වගේ දේවල් මිලදී ගන්නට පෙරම නිරීක්ෂණය කරන්න පුලුවන්. ස්වභාවික නිෂ්පාදන – බොහො වෙලාවට ළදරු නිෂ්පාදන වලට යොදාගන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය නමුත් ඔබට හෝ ඔබේ පවුලේ කෙනෙකුට ආසාත්මිකතා හෝ ඇදුම වැනි රෝග තියෙනවානම් ඔබේ බබාටත් උද්භිද ශාක නිෂ්පාදන හෝ ඖෂධපැළෑටි වලින් නිපදවූ නිෂ්පා

ළදරු ආහාර වට්ටෝරු සහ ඒවා හඳුන්වා දෙන ආකාරය ගැන අත්පොත

Image
ළදරු ආහාර වට්ටෝරු සහ ඒවා හඳුන්වා දෙන ආකාරය ගැන අත්පොත Source....https://www.google.com/amp/s/lk.theasianparent.com

පැතිරයන ඉන්ෆ්ලුවෙන්සාවෙන් දරුවන් බේරාගන්නා හැටි

Image
පැතිරයන ඉන්ෆ්ලුවෙන්සාවෙන් දරුවන් බේරාගන්නා හැටි දකුණූ පළාතේ මේ දිනවල දරුණු ඉන්ෆ්ලුවෙන්සා තත්වයක් පැතිර යමින් පවතී. එය කුඩා දරුවන්ට ඉතා අහිතකර ලෙස බලපෑ හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතයයි. එබැවින් එයින් ආරක්ෂා වීම සඳහා මෙම උපදෙස් මාලාව යෝග්‍ය වෙයි. Source--lanka A news

කුඩා දරුවන් දඟ කරන්නේ ඇයි?

Image
කුඩා දරුවන් දඟ කරන්නේ ඇයි? ශාරීරික හා මානසික රෝගයකින් පෙලෙන්නේ නැති සෑම කුඩා දරුවෙක්ම දඟකාරයෙකි. ළමයි දඟ කරන්නේ වැඩෙන ශරීර ශක්තිය වැය කළ යුතු බැවිනි. කුඩා තිරිසන් සතුන් දෙස බලන්න. දඟ නොකළොත් ඔවුන්ගේ වැඩීමක් සිදු නොවේ. සිංහල ගෙවල් වල ළමයින් දඟ කරනවා දැකීම රුස්සන්නේ නැති අය සිටිති. එයට හේතුව ළමයින්ගේ හැසිරීම වැඩිහිටි අයට නොගැලපෙන බොළඳ ක්‍රියා නිසාය. දඟ කරන ළමයින් පසුපස පන්න පන්නා තලන හැඩි දැඩි වැඩිහිටියන් සිටිති. ඔව්හු කුඩා කළ දඟකරන්නේ නැතිව රෝගීන් මෙන් අයිනක් අල්ලා ගෙන සිටි අය නොවේ. ළමයින් දඟ කරන්නේ වෙන කරන්නට දෙයක් නැති විටය. ඒ නිසා ළමයින්ට කරන්නට වැඩක් හෝ ක්‍රීඩාවක් නියම කිරීමෙන් ඔව්හු දඟ කිරීම වෙනුවට ශරීර ශක්තිය ක්‍රීඩා කිරීම සඳහා වැය කරනු ඇත. දඟ කරන ළමයාට වඩා යම් යම් දේ නැති නාස්ති කරන ළමයා කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. ළමයින් අතට අසුවන දේ කඩා බිඳ දමන්නේ කරන්නට වෙන දෙයක් නැතිවීම, තනිකම හා අසතුට හේතු කොට ගෙනය. සෙල්ලම් කිරීමට හොඳ අය හා සෙල්ලම් බඩු සැපයීමෙන් දඟ කිරීම ඉබේම අඩුවෙයි. මිදුලේ හෝ සාලයේ සෙල්ලම් බඩු නැත්නම්, කෑ කෝ ගැසීමේ හෝ අඬන හෝ සිනාසෙන හඬ නෑසේ නම් එම නිවස කු

වැඩි කාලයක් මව් කිරි බීමෙන් වැඩි ශක්තියක් ලැබෙනවද?

Image
වැඩි කාලයක් මව් කිරි බීමෙන් වැඩි ශක්තියක් ලැබෙනවද? අවූරුදු 5- 6 මවූකිරි දෙන අම්මලා අදටත් අප අතර ඉන්නවා ඇතැම් විට දරුවන් අවූරුදු 5 - 6 ක් යන තෙක් මවූකිරි බොන අවස්ථා දකින්නට ලැබෙනවා. එය කොහෙත්ම අවශ්‍ය නෑ. මේ කාලයේදී මවූකිරි දීම නිසා දරුවා කෑම ගැනීම ප්‍රතික්ෂේප කරලා කිරි බොන්නට උනන්දු වෙනවා. එයින් බඩ පිරෙනවා. දරුවාට අවශ්‍ය බඩ පිරීම පමණයි. පෝෂණය ගැන වැටහීමක් දරුවාට නෑ. පෝෂණය පැත්තෙන් බලන විට අවූරුදු 5 ඃ 6 ක් කිරි දීම යෝග්‍ය දෙයක් නොවේ. අවූ. 2 ක් කිරි දීම ප්‍රමාණවත්. මවූකිරි දීමේ වාසි මවූකිරි දීමේදී මවට අමතර වියදමක් යන්නේ නැත. වෙනත් ආහාර හෝ පිටිකිරි වර්ග ලබාදීමේදී දරුවාට විෂ බීජ වර්ග ආදිය ඇතුළු වීමේ ඉඩ කඩ වැඩිය. නමූත් මවූකිරි මගින් විෂ බීජ ඇතුල් වීමේ හැකියාවක් නැත. එය ඉතාම පිරිසිදුය. විශ්වාසදායකය. ඒ වගේම ඕනෑම අවස්ථාවක දරුවාට අවශ්‍ය වූ විට කිරි දෙන්නට මවට පූළුවන්. වතුර උණූ කරන්නට, භාජන තම්බන්නට, කිරි පිළියෙල කරන්නට අවශ්‍ය වන්නේ නෑ. ප්‍රසිද්ධ, පොදු ඕනෑම ස්ථානයකදී පහසූවෙන් මවූකිරි ලබා දෙන්නට පූළුවන්. මෙහිදී මවට ඇතිවන වාසිදායක තත්ත්ව ද තිබෙනවා. දරුවා ලැබෙන්නට සිටිනා කාලයේදී මව වැඩිපූර ආ

පූංචි දරුවෝ රෑට අවදියෙන් ඉන්නේ ඇයි?

Image
පූංචි දරුවෝ රෑට අවදියෙන් ඉන්නේ ඇයි? දවසේ වැඩ කටයූතු සියල්ලම හමාර වී ඇහැ පියාගෙන ඇලවෙන්නවත් මවූපියන්ට නිදහසක් ඇත්තේම නැහැ. දහංගලේට එහෙ මෙහෙ දුව පනින දරුවන්ට රාත්‍රියට නින්ද ගැන වූවමනාව නැති වූණත්, ඊළඟ දවසේ වැඩ කටයූතුවලට පොරබදන මවූවරුන්ට නම් උදේ අවදිවීමට අද රාත්‍රියේදී සූවදායක නින්දක් ඇත්තටම අවශ්‍යයයි. පූංචි දරුවන් මැදියම් රැය වෙනතුරු අවදිව සිටියත් ඊළඟ දිනයේදී වෙලා ගතවී අවදිවීමට ඔවූන්ට බාධාවක් නැහැ. අනෙක දවල් කාලයේදී වූණත් නිදාගන්න පොඩි එවූන්ට කාගෙන් බාධාවක්ද? දරුවන් රාත්‍රියේදී බොහෝ වේලා අවදිව ඉන්නේ ඇයි ප්‍රශ්නයට දරුවන් පිළිබඳව ගවේෂණයේ යෙදෙන මනෝවිද්‍යාඥයන් පිළිතුරු දෙන්නේ මේ විදිහටයි. අවූරුදු තුනට අඩූ දරුවන් අපට වූවමනා වේලාවට නිදිකරවා ගැනීම බොහොම අසීරුයි. දරුවන්ට නිදා ගැනීමේ වේලාව පිළිබඳව හූරුපූරුදු රටාවන් ගොඩනැගීම අවශ්‍ය වූණත් අපේ අණසකට දරුවන් නැඹූරු නොවන අවස්ථාවන් එමටයි. රැකියාවන්හි නිරත මවූපියවරුන්ගේ දරුවන් බොහෝ අවස්ථාවලදී සෙනෙහසක් ලබන්නේ රාත්‍රියේදී පමණි. මූළු දහවලම හූදෙකලාව ගෙවන මොවූන් සිය මානසික හිස් බවට පිළියම් ලබන්නේ මවූපිය ආශ්‍රය මගීන්ය. සිත තුළ ඇති කණස්සල්ල නිසාම මෙම දර

දුවගේ බෙහෙත් පූතාටත් ගැලපෙනවාද?

Image
දුවගේ බෙහෙත් පූතාටත් ගැලපෙනවාද? වස්සාන කාලයේ ආරම්භය යනූ රෝග පැතිරීමේ ආරම්භයයි. මේ කාලයේ වෛරස් හා බැක්ටීරියා රෝග දරුවන් අතර වේගයෙන් පැතිරී යයි. පෙර පාසල් හා ප්‍රාථමික පන්තිවල දරුවන් මේ අතර ප්‍රමූඛ වේ. එකිනෙකාට සමීපව සිටීම හා ද්‍රව්‍ය හූවමාරුව මෙයට මූලික හේතුවයි. මෙසේ කුඩා දරුවන්ට වැළදෙන රෝග, පවූලේ අනෙක් කුඩා හා වැඩිමල් දරුවන්ටත් මාපියන් ඇතුළු අනෙක් සාමාජිකයන්ටත් පැතිරීම බොහෝ විට සිදු වේ. උණ, හෙම්බිරිස්සාව ආදී වෛරස් රෝග මේ අතර ප්‍රමූඛ වේ. මෙම ආසාදන ඇතිවූ මූල් දිනවල අධික උණ, ඇඟපත වේදනාව, හිසරදය ආදිය ඇති වේ. මූල් දිනවලදී වෛද්‍යවරු ඖෂධ නියම කරනූයේ ද මේ රෝග ලක්ෂණ සූව කිරීම සඳහා පමණයි. දින හතර පහකට පසූව දුර්වල සිරුර තුළ ඇති වන බැක්ටීරියා ආසාදන සඳහා ප්‍රතිජීවක ඖෂධ ද ලබාදිය හැකියි. රෝග නිර්ණයට මේ අතරදී රුධිර පරික්ෂණ ද සිදු කරයි. එක් දරුවෙකුට රෝගය වැලදී සූව වී ගෙන යනවිට එනම් දින හතර පහක් යන විට බොහෝ විට අනෙක් දරුවන්ද රෝගී වේ වෛරයක් සිරුරට ඇතුළු වී ක්‍රියාත්මක වීමට දින කිහිපයක් ගත වීම මෙයට ප්‍රධාන හේතුවයි. දෙවනූව බෝවෙන දරුවාගේ රෝග ලක්ෂණ බොහෝ විට පළමූව රෝගී වූ දරුවාගේ රෝග ලක්ෂණවලටම සමාන වේ.
Image
මොකක්ද මේ බාලගිරි දෝෂය කියන්නේ ? කුඩා දරුවෙකු සිටින නිවසක ඔහූගේ හෝ ඇයගේ කාමරය ඉදිරිපිට බාලගිරි දොෂය අද නොවේ. හෙට යන්න ලියා තිබෙනවා අපට දකින්නට ලැබෙනවා. කුමක්ද මේ බාලගිරි දොෂය කියලා කියන්නේ. අද අප ඒ පිළිබඳ දෑනූවත් වෙමූ. බාලගිරි දොෂය කියලා කියන්නේ බිය විය යූතු දෙයක් නොවේ. එය මූලින්ම සඳහන් කළ යූතුයි. සති 3 ක් මාස 3 ක් වයසැති කුඩා දරුවන් බොහෝ වෙලාවට සවස 6 සිට රාත්‍රී 12 පසූවෙන තුරු වගේ අඬනවා. සමහර දරුවන් දවස පූරාම අඬනවා. අත්, කකුල් තද කරගෙන මූණ රතු කරගෙන කෑගහනවා. ඔවූන් එලෙස අඬන්නේ බඩේ කැක්කුමක් ඇතිවූ විට. පූංචි දරුවන් කිරි උරන විට බඩේ හූළං පිරෙනවා කාබන්ඩයොක්සයිඩ් ඇති වෙනවා. එවිට බඩ පිපෙනවා. බඩේ වේදනාවක් ඇතිවෙනවා. මෙය බිය වියයූතු තත්ත්වයක් නොවූණත් ඉන් දරුවාට වේදනාවක් ඇතිවෙන බව සඳහන් කළ යූතුයි. ඒ වේදනාව නිසා දරුවා නොනවත්වාම අඬන්නට පෙළඹෙනවා. මෙම තත්ත්වය මාස 3 ක් ගත වීමෙන් පසූව මඟ හැරී යනවා. මෙවැනි වෙලාවක දරුවාගේ බඩ තද වෙන්න දෙයක් කළොත් බඩේ වේදනාව මදක් අඩූකරගන්නට පූළුවන්. බඩ තද වෙන්න දරුවාට මූනින් අතට හරවලා තැබීමෙන් දරුවාව උඩ අතට වඩාගෙන බඩ තද වෙන්න එහාට මෙහාට ඇවිදීමෙන්ද දරුවාගේ වේදනාව අඩූ

පත්තර පිටුවේ කෑම එතීම

Image
පිළිකාවට මඟ පාදන පත්තර පිටුවේ කෑම එතීම අප කී දෙනෙකු මොනතරම් කලබලයකින් උදෑසනට බත් මුල් ඔතනවාද? කලබලය කොපමණදයත් බත් මුලේ ඇති දේ පවා සමහරවිට අපට අමතකය. නමුත් වැදගත්ම දේ එය නොවේ. අප බත් ඔතන කොළයයි. බත් ඔතන කොළය පිළිබඳ බොහෝ දෙනෙකුට ඇති වැටහීම අඩුය. නමුත් අප ඒ පිළිබඳ දැනුවත් වීම නම් අත්‍යවශ්‍යය. ඒ, අප බත් ඔතන කොළය නැතිනම් විවිධ ආහාර ඔතාගෙන යන පත්තර කොළය නිහඬ මාරයකු සේ ක්‍රියා කරන බැවිනි. මස් කඩයට, මාළු කඩයට ගියත් අපට මස්, මාළු පත්තර කොළයක ඔතා ෂොපින් බෑගයට දමා දෙයි. අතීතයේ දී නම් මස් මාළු ඔතන්නට හබරල කොළ ඕනෑ තරම් තිබුණි. නමුත් දැන් එසේ නැති බැවින් ඒ සඳහා විකල්පය වී ඇත්තේ පත්තර පිටුය. එසේ නම් පත්තර පිටුවේ මස් මාළු නැතිනම් වෙනත් ආහාර එතීමේ වැරැද්ද හෝ බැරෑරුම්කම අප දැනගැනීම වැදගත්ය. මුද්‍රණ තීන්තවල ඇති ඊයම් පත්තර පිටුවේ ඇති මුද්‍රණ තීන්තවල, ඊයම් වැනි බැර ලෝහ අඩංගුය. ඒවා කෙලින්ම ආහාරවලට මුසුවිමේ හැකියාවක් සහිතය. විශේෂයෙන්ම කළු සුදු පත්තර පිටුවලටත් වඩා මේ අවදානම වැඩියෙන්ම ඇත්තේ වර්ණ තීන්තවලය. වර්ණ තීන්තවල ඇති බැර ලෝහ මඟින් සිරුරට විය හැකි විස වීමේ හැකියාව ඉහළය. අප බොහෝදෙනෙකු කරන තවත් වැරැද්

වැඩුණු දරුවන් ඇඳ තෙමන හේතු

Image
සමහර වැඩුණු දරුවන් ඇඳ තෙමන හේතු සොයා බලමු “අනේ අනේ තාම ‍පොඩි ළමයෙක් වගේ රෑට ඇඳ තෙමනවා. දෙන්න හිතෙනවා මේ ළමයට දෙකක්” “ලැජ්ජ නැද්ද ළමයෝ දැන් ඔයාගේ වයස කීයද? මුළු කාමරේම ගඳයි.” “මට වද දෙන්න කරනවාද කොහෙද? නැත්නම් මේ වයසේ අනිත් අයට නැති ලෙඩක් මොකක්ද මේ ළමයට විතරක්.” “හොඳ ගුටියක් දෙන්න ඒ වෙලාවට අපූරුවට හරියයි“ ළදරුවිය ඉක්ම ගොස් තිබෙන දරුවකුගේ නොදැනුවත්ම මුත්‍රා පිටවීම අපේ සමාජයේ බහුතරයක් දකින්නේ මෙවැනි අදහස්වලින් යුතුවය. එසේම මෙවැනි තත්ත්වයක් යටතේ මවට සේම ඒ නිවසේ වැඩිහිටියන්ට ඇතිකර ගැටලු සමූහයද දරුවා කෙරෙහි තරහක් ඇති කිරීමට හේතු වෙයි. ඒ නිසාම මෙවැනි දරුවන්ට වරදකාරී මුරණ්ඩු, කම්මැලි වැනි විශේෂණ පද යෙදීමට වැඩිහිටියන් පෙළඹෙන අවස්ථා බහුලය. මේ නිසාම වැඩිහිටියන්ගෙන් දැඩි දඬුවම් ලබන දරුවන් සමාජයේ බහුලය. මේ තත්ත්වය පවසා දරුවා ලැජ්ජාවට පත්කිරීම, දඬුවම් කිරීම හරහා මෙම තත්ත්වය යහපත් අතට හරවා ගත හැකිය යන්නද සමාජයේ පවතින මිථ්‍යාවකි. මෙවැනි දරුවකුට උසුළු විසුළු කිරීම, ලැජ්ජාවට පත්කිරීම, දඬුවම් කිරීම වැනි දේ මගින් අනාගතයේ පෞරුෂ ආබාධ සහිත මානසික ශක්තියෙන් අඩු කෙනෙකු බවට පත්වීමට ඉඩ තිබෙන බව බොහෝ වැඩිහිටිය

වැඩිහිටියන්ගේ නොදැනුවත් බවින් කතාව පමා කරන දරුවෝ

Image
වැඩිහිටියන්ගේ නොදැනුවත් බවින් කතාව පමා කරන දරුවෝ නොදැනුවත් බවින් කතාව පමා කරන දරුවෝ බිලිඳු අවධියේදී විවිධ ශබ්ද නිකුත් කරන තම දරුවා වචන පවසන තුරු දෙමාපියන් බලා සිටින්නේ ඉතා ආශාවෙනි. සමහර දරුවෝ වයස අවුරුදු 2 පමණ වන විට ඉතා හොඳින් වචන ගලපා වගන්ති පවා පවසති. නමුත් වයස අවුරුදු 3ට ආසන්න වුවද එසේ වචන ගලපා කතා කිරීමට අ‍පොහොසත් දරුවෝද සිටිති. දරුවකු නිසි වයසේදී කතා නොකිරීම දෙමාපියන්ට වේදනාවකි. එම වයසේ වෙනත් දරුවන් හා සසඳා බලා තම දරුවා ඔවුන් මෙන් කතා නොකරන්නේ නම් දෙමාපියෝ බිය වෙති. එවිට එය යම් රෝගී තත්ත්වයක් යයි සිතන දෙමාපියන් විසින් පියවර ගන්නේ තම දරුවා වෛද්‍යවරයකු වෙත යොමු කිරීමටය. දරුවාගේ ශ්‍රවණ හා කථන ඉන්ද්‍රියන්ගේ අඩුපාඩුවක් නොමැති බව වෛද්‍යවරයාද පැවසුවහොත් එය ග්‍රහ අපල නිසා සිදුවී ඇති බව අනුමාන කර නොයෙක් පුද පූජා ශාන්තිකර්ම යනාදිය වෙත යොමුවන අයද දුලබ නැත. ඇත්තෙන්ම දරුවකුගේ ශ්‍රවණ හා කථන ඉන්ද්‍රියයන්ගේ ආබාධ නොමැති නම් දරුවා කතා නොකර සිටින්නේ නැත. එය ප්‍රමාද වන්නේ දෙමාපිය වැඩිහිටියන්ගේ නොදැනුවත්කම නිසාය. ඕනෑම පුද්ගලයකුට කතා බහ කිරීමට නම් එම පුද්ගලයාගේ ශ්‍රවණ ඉන්ද්‍රියයන්ද නිරෝගී විය යුතු

සැමදා තරුණව සිටීමේ රහස

සැමදා තරුණව සිටීමේ රහස දැන ගන්න ඔබ කැමතිද ? එහෙමනම් වයසට යාම පමා කරන ඖෂධීමය ගුණයෙන් යුත් ආහාර මොනවාද යන්න දැන ගන්න... ඔයා වයසට යන්නේ නෑනේ.. එදා වගේමයි... මේ අයුරින් ඔබ ද පවසා ඇතුවාට සැක නැත.. සමහර දෙනෙක් අවුරුදු පනහ ඉක්මවා ගිය ද... ඔවුන් වෙතින් දිස් වන්නේ අවුරුදු තිහ හතළිහක පෙනුමකි... නීරෝගීය. ඔයාට මොන ප‍්‍රශ්න ද තියෙන්නේ.. ඔයා ගේ හිත හොදායි.. මෙවන් ආකාරයේ පිළිතුරුද ඔබ අසා ඇත... සැබවින්ම මේ ආකාරයෙන් තරුණ බව පෙන්වන හේතු අතර සිතට පමණක් ප‍්‍රධාන තැනක් ලබා දෙන්නේ නැත... ඒ සඳහා ආහාරද ප‍්‍රධාන වේ.. උදාහරණයක් ලෙස ගුජරාට් වැනි ප‍්‍රාන්ත වල ජිවත් වන මිනිසුන් ගේ සම කහ පැහැතිය. එයට හේතුව ඔවුන් නැවුම් කිරි ඇතුඵ පස්ගෝ රස, දිනපතා ආහාරයට ලබා ගන්නා අතර නිර්මාංස ජිවිත ගත කිරීමයි. නීරෝගි බවෙන් තොර පංචකල්‍යාණයෙන් වැඩක් නැහැ පංච කල්‍යාණයෙන් යුතුව නීරෝගි බව ආරක්ෂා කරමින් ජිවත්වීමට හැකිවීම මිනිසා ලද භාග්‍යයකි. නීරෝගී බවකින් තොර පංච කල්‍යාණයක් කිසි විටෙකත් හිමි නොවන අතර, අප සැම විටම උත්සාහ කළ යුත්තේ නීරෝගි බව ආරක්ෂා කර ගැනීමටය. එමඟින් පංච කල්‍යාණයෙන් යුත් සිරුරක් හිමි කර ගැනීමට අවස්ථාව ලැබේ. පංච කල්‍ය

දරුවෙකු වැටුනොත් කුමක් කල යුතුද?

Image
දරුවෙකු වැටුනොත් කුමක් කල යුතුද? කුඩා දරුවන් නිතරම දුවමින්, පනිමින්, නගිමින් සෙල්ලම් කරනු දැකිය හැක. එය, ඔවුන් අවට පරිසරය විඳීමට සහ ගවේෂණය කිරීමට ගන්නා උත්සාහයක් ලෙස හැඳින්වීමට පුළුවන. එමෙන්ම, කුඩා දරුවන් අලුත් දේවල් අත්හදා බැලීමටද උත්සාහ කරයි. එමගින්, ඔවුන් වටපිටාව පිළිබඳ දැනුම ලබාගනී. එමනිසා, කුඩා දරුවන් අතර වැටීම් එතරම් දුලබ දෙයක් නොවේ. එවැනි වැටීම් වලදී ඔබේ දරුවාගේ ශරීරයේ තුවාල, කැපීම, රතුවීම, ඉදිමීම මෙන්ම, ඇතැම් විට දරුණු අනතුරුද සිදුවිය හැක. වැඩිහිටියන්, විශේෂයෙන්ම දෙමව්පියන් තම දරුවා වැටුනු විට, තරමක් කලබලයට පත්වීම සාමාන්‍යයෙන් දැකිය හැක. දරුවෙකු වැටුනොත් සැබැවින්ම කලයුත්තේ කුමක්ද? වැටීමෙන් අනතුරුව ඔබේ දරුවාට පහත සඳහන් ලක්ෂණ එකක් හෝ ඇත්නම්, කලබලයෙන් දරුවා ඔසවාගෙන හෝ වාහනයක දමාගෙන රෝහලට ගෙනයන්න උත්සාහ කරන්න එපා. එසේ කිරීමෙන්, ඔබේ දරුවාට සිදුවී ඇති ආබාධය හෝ අනතුර තවත් උග්‍ර අතට හැරෙන්න පුළුවන්. දරුවා ලඟම ඇති රෝහලට ගෙනයන විට දරුවාගේ හිස, බෙල්ල, සහ කොන්ද නොනැමෙන සේ, එකම රේඛාවක පවතින පරිදි කෙලින් තබාගෙන ප්‍රවේශමෙන් ගෙන යා යුතුවේ. එමෙන්ම, දරුවාගේ උකුල, අත්, හෝ පාද වලට දැඩි අනතුරක්

ආසාවෙන් ඉගෙන ගන්නා දරුවෙකු බිහි කරන්නේ කොහොමද ?

Image
ආසාවෙන් ඉගෙන ගන්නා දරුවෙකු බිහි කරන්නේ කොහොමද ? මෙන්න සෑම දෙමාපියෙකුම දැන සිටිය යුතු මන්තරේ දැඩි ආතතිය හෝ බලපෑම නිසා දරුවාගේ ඉගෙන ගැනීමේ ආශාවන් මොට විය හැකිය. ඉතා බුද්ධිමත් දරුවෙකු වූ දිනුක ඉගෙනීමට දුර්වල දරැවකු වූයේ අම්මාගේ බලපෑම් සහ තර්ජන මතය අධ්‍යාපනික කුසලතාවන්ට දරුවන් යොමු කරන ආකාරය දිනුකගේ කතාව ඇසුරෙන් සාකච්ඡා කරන්නටයි අපි මේ යන්නේ. විනෝදයෙන් ඉගෙන ගැනීම ඕනෑම දරුවෙකුට ඉගෙන ගැනීමට හැකියාවක් ඇත. එසේ හැකියාවක් නැතිනම් එම දරුවා විශේෂ ආබාධයකින් පෙළෙන දරුවෙක් විය හැකිය. බොහෝ දරුවන් තුළ මේ සැඟවී ඇති හැකියාව ඉස්මතු කර ආශාව ඇති කරවන පරිසරයක් නිර්මාණය කිරීම දෙමාපියන් සහ ගුරුවරුන්ගේ වගකීමයි. අසාමාන්‍ය ලෙස දරුවන්ගේ මනස මෙහෙය වීම, නිතරම බල කිරීම, ඇගයීමකට ලක් නොකිරීම, ඕනෑවට වඩා දරුවාගෙන් බලාපොරොත්තු වීම, අනාගතයට හෝ ජීවිතයට බය කිරීම, සෙල්ලම් කිරීමට අවස්ථාවක් ලබා නොදීම, අනිත් දරුවන් සමඟ හෝ පන්ති කාමරයේ සිටින දරුවන් සමඟ සංසන්දනය කිරීම මෙවැනි හේතු නිසා දරුවා තුළ සැඟවී ඇති හැකියාවන් යටපත් වී ඔහු හෝ ඇය ඉගෙනීමට දුර්වල පුද්ගලයෙක් බවට පත්විය හැකිය. අපි මෙවැනි දරුවෙකු පිළිබඳ උදාහරණයක් මඟින් තේරුම් ගැනී

දරුවාගේ මොළය වර්ධනය කරන්නේ කෙසේද

Image
දරුවාගේ මොළය වර්ධනය කරන්නේ කෙසේද මතක තබා ගෑනීමේ ශක්තිය වෑඩි කරන්නේ කොහොමද දරුවාගේ මොළය වර්ධනය කරන්නේ කෙසේද මතක තබා ගෑනීමේ ශක්තිය වෑඩි කරන්නේ කොහොමද ඒ සියල්ලම මෙම ලිපියෙන්…. දරුවන් සිටින සෑම මවක්‌ම පියෙක්‌ම උත්සාහ කරන්නේ තම දරුවන් නීරෝගීව ලොකු මහත් කර සමාජයේ උසස්‌ රැකියාවක නිරත කරවීමටය. ඒ සඳහා ඇතැම් දෙමාපියෝ මුළු සේසතම වියදම් කරති. පාසල් අධ්‍යාපනයට අමතරව ටියුෂන් පංතිද යවමින් දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ වමට්‌ටමකට ගෙන ඒමට උත්සාහ කරති. නමුත් අවාසනාවකට මෙන් බොහෝ දෙමාපියෝ තම දරුවන් වෙනුවෙන් ඉටු කළ යුතු අත්‍යවශ්‍ය යුතුකමක්‌ පැහැර හරිති. අවාසනාව වී ඇත්තේ ඔවුන් එම යුතුකම පැහැර හරින්නේ නොදැනුවත්කම නිසාය. එනම්, දරුවන්ගේ නිසි පෝෂණය පිළිබඳ යුතුකමය. ඒ නිසා වර්තමානයේ ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 05 ට අඩු දරුවන්ගෙන් 15% ක්‌ එනම් දරුවන් පස්‌ දෙනකුට එක්‌ අයෙකු නිරක්‌තියෙන් හෙවත් යකඩ ඌණතාවයෙන් (Anaemia) පෙළෙන බව අනාවරණය කරගෙන ඇත. දරුවකු මවුකුසින් මෙළොව එළිය දුටු පසු මොළය වර්ධනය වීම සිදුවීම සඳහා ලයකඩල පෝෂණය අත්‍යවශ්‍යය. වයස අවුරුදු දෙකට අඩු වයසේදී දරුවකු නිරක්‌තියෙන් හෙවත් යකඩ ඌණතාවයෙන් පෙළේ නම් එම දරුවාගේ