Posts

පොඩි බබාල ඉන්න අම්මල තාත්තලට ගොඩක් වටිනව. අනිවාර්යෙන්ම කියවන්න.

Image
පොඩි බබාල ඉන්න අම්මල තාත්තලට ගොඩක් වටිනව. අනිවාර්යෙන්ම කියවන්න. පොඩි බබාල ඉන්න අම්මල තාත්තලට ගොඩක් වටිනව. අනිවාර්යෙන්ම කියවන්න. අපේ රටේ දරුවන් සාමාන්යයෙන් විවිධ වර්ණ සහ රසයන්වලට එක සමාන කැමැත්තක් දක්වනවා. දෙමාපියන්ද උත්සාහ ගන්නේ කෑම රස ගන්වන්නයි.එමෙන්ම දරුවන්ගේ ආකර්ශනය ඇති වන සේ කෑම සකස් කිරිමද වැදගත් වෙනවා. වෙලද ප්රජාවන් විසින් මෙම උපක්රමය හොදින් භාවිතායට ගෙන එමගින් ඔවුන් කරනු ලබන්නේ එවැනි වර්ණකාරක,රසකාරක ආහාර සසහා යොදා දරුවන් ඒවාට ඇබ්බැහි කර ගැනීමයි. විවිධ රටවල කළ පර්යේෂණයන්ට අනුව අවුරුදු 2-10ත් අතර දරුවන් ආස කරන කෑම වර්ගවල පැණිබීම,රස කැවිලි වර්ග,චොකලට් වර්ග,fresh fruit වර්ග සදහා වැඩිපුරම යොදා ගෙන ඇති ජනප්රිය පාට වර්ගයන් වී ඇත්තේ රතු පැහැය,තද කොල පැහැය,කහ පැහැය සහ මස් පෙනුම ඇති දුඹුරු පැහැයයි. එසේ අද වෙලද පොලේ අපට දක්නට ලැබෙන බොහෝ පැණි බිම වර්ග ද රතු පැහැය,කහ,හෝ තැඹිලි පැහැයට දුඹුරු හෝ දම් පැහැයට සහිත කෝලා බීම වර්ණ පැහැයෙන්ද යවලදපොලට නිකුත් කරනුයේ දරුවන් ඒ සදහා උනන්දුව ඇති කිරිම සදහාය. එලෙස වරණ ගැන්විම සදහා විවිධ රසායනික වර්ණක ශරිරයට අහිතකර රසායනික ද්රව්යයන් මිශ්ර කරන අතර දරුවන්ට

බබාලා පොදුවේ සාමාන්‍යයෙන් පෙන්වන අපහසුතාවන් කීපයක් :

Image
බබාලා පොදුවේ සාමාන්‍යයෙන් පෙන්වන අපහසුතාවන් කීපයක් : ප්‍රතිවාහ (කිරි වමනය යාම) බබාලාගේ බඩවැලේ සාමාන්‍යයෙන් සිදුවන සංකෝචන ක්‍රියාවලිය සිදුවීමට යම් කාලයක් ගත වේ. එය සිදුවන තෙක් බබාලා බොන කිරි සාමාන්‍ය කාලයට වඩා වැඩි කාලයක් ඔවුන්ගේ බඩේ තැන්පත් වී තිබී, නැවත ආපසු එලියට එයි. මෙය “reflux” (රිෆ්ලක්ස්) නමින් හැඳින් වේ. මෙය බබාලාට වයස මාස 4 – 12 වනවිට මඟ හැරී යනු ඇත. මල බද්ධය (බඩ වේලීම) දරුවන් කුඩා කාලයේදී ඔවුන්ගේ මල පහවීම සාමාන්‍ය අයුරින් සිදු නොවේ. සමහර බබාලාගේ මල (අසූචි) වියළි වී, ඝන වීමෙන් ඔවුන් මල පහකිරීමට යත්න දැරීමේදී, හඬා වැටේ ශ්‍රී ලංකාවේ බබාලාට මවු කිරි දෙන මව්වරුන් ගස්ලබු ආහාරයට ගැනීමෙන් බබාලාව මෙම පහසුතාවයෙන් මුදවා ගත හැක. කෙළ පෙරීම මෙය බබාලා ඉපදුන විට පටන් ගන්නා අතර මාස 3 වනවිට නවතී. අතීසාරය (පාචනය) ශ්‍රී ලංකාවේ බබාලාට දියර වශයෙන් මල පහවීම වැළඳෙන්නේ යම් විෂබීජයක් ශරීරගත වීමෙනි. මෙය උණ නොමැතිව සති 3ක් හෝ 3ක් තිබේ නම්, එය කිරි අසාත්මිකතාවයකින් හෝ කිරිවල ඇති සීනි (ලැක්ටෝස්) නිසා විය හැකිය. මේ පිලිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා milk allergy or lactose බලන්න. වමනය

ළදරු අතීසාරය

Image
ළදරු අතීසාරය ළදරු අතීසාරයේදී ළදරු මරණ ඇතිවීමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ පිටවන මල කොටස සමග දියර කොටස් පිටවී යාම නිසා වන නිර්ජලතාවය හෙවත් සිරුරේ දියර පදාර්ථය අතිශයින් හීන වී යාමයි. මේ නිසා එබදු නිර්ජලයතාවයක් ඇතිවේගෙන එන්නේ දැයි නිතර පරික්ෂාවෙන් සිටිය යුතුය. නිර්ජලයතාවය ඇති වන විට, සම වියළී යාම , හැකිලීම සමේ ඇදෙන ගතිය වැඩි වීම ඇස් යටට ගිලීම ළදරුවා නිතරම වියළි වූ විට දිව පිටතට දමමින් හැඩීම හිසේ තෙල් වල ගිලා බැසීම දෙනෙත් දීප්තිය නැති වීම ආදී ලක්ෂණ පහළ වේ. මේ ලක්ෂණ පහළ වන විට ළදරුවාගේ හෘදය, මොළය, වකුගඩු ආදී ඉන්ද්‍රියන් අනතුරට මුහුණ පා ඇති බව තේරුම් ගත යුතුය. එහෙයින් වහාම ළදරුවා රෝහලක් වෙත ගෙන යා යුතුය. අතීසාරය නිසා පහළ විය හැකි නිර්ජල්‍යතාවයෙන් ළදරුවා බේරා ගැනීමට ඉතා සුළු ප්‍රතිකර්මයක් කළහැකි වේ. ඒ සදහා පහත දැක්වෙන පානය සාදා ‍ ගෙන මිනිත්තු 10 කට පමණ වරක් තේ හැන්දෙන් 3-4 පමණ ළදරුවාට දින 2ක් 3ක් පමණ නොකඩවා දිය යුතුය. ඒ අතරතුර අතීසාරයට වෙනම බෙහෙත් වර්ග දිය යුතුය. ලුණු තේ හැදි 1ක් සීනි තේ හැදි 8ක් දෙහි යුෂ තේහැදි 1ක් මේ සියල්ල උණු කර නිවාගත් වතුර බෝතල් ¾ ක දිය කර ගන්න. නොයෙක් හේතු නිසා ළදර

වෙළදපොලේ ඇති සබන් වර්ග, ක්‍රීම් වර්ග ඇත්තටම බබාට හිතකරද?

Image
ළදරු සමට හිතකර වෙළදපොලේ ඇති සබන් වර්ග, ක්‍රීම් වර්ග ඇත්තටම බබාට හිතකරද? අලුත් උපන් බබෙකුගේ සම හා සම්බන්ධ කාරණා ඉතාමත් සOවේදී. විශේෂයෙන්ම මූලික අවධියේදී බබාගේ ප්‍රතිශක්තීකරණය වර්ධනය වන නිසා ඔබ බාහිරව ආලේප කරන දේ ඉතාමත් පරිස්සමින් සහ සැලකිළිමත්ව කල යුතුයි. මෙහිදී ක්‍රීම් සහ සබන් වර්ග සාමාන්‍ය ආකාරයෙන් බබාගේ සිරුරේ ගැල්වූවාට කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් බබාගේ සිරුරේ දහඩිය බිබිළි, දද හෝ ඩයිපර්ස් මගින් ඇතිවෙන ආසාත්මිකතා වගේ දේවල් සදහා වෛද්‍යවරයා මුණගැසීම වැදගත්. බබාට සුදුසුම රසායනික දියර නැති, රසායනික සුවද විලවුන් නොගැල්වූ ළදරු සමට හිතකර නිෂ්පාදනයි. කෙසේ නමුත් ඔබේ බබාට මෙම නිෂ්පාදන මිලදී ගන්නට කලින් අපි දෙන මේ ටිප්ස් ටික කියවලා ඉන්න. ලේබලය හොදින් කියවන්න – මෙමගින් ඔබට නිෂ්පාදනයට යොදා ඇති අමුද්‍රව්‍ය සහ කල් ඉකුත් වෙන දින වගේ දේවල් මිලදී ගන්නට පෙරම නිරීක්ෂණය කරන්න පුලුවන්. ස්වභාවික නිෂ්පාදන – බොහො වෙලාවට ළදරු නිෂ්පාදන වලට යොදාගන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය නමුත් ඔබට හෝ ඔබේ පවුලේ කෙනෙකුට ආසාත්මිකතා හෝ ඇදුම වැනි රෝග තියෙනවානම් ඔබේ බබාටත් උද්භිද ශාක නිෂ්පාදන හෝ ඖෂධපැළෑටි වලින් නිපදවූ නිෂ්පා

ළදරු ආහාර වට්ටෝරු සහ ඒවා හඳුන්වා දෙන ආකාරය ගැන අත්පොත

Image
ළදරු ආහාර වට්ටෝරු සහ ඒවා හඳුන්වා දෙන ආකාරය ගැන අත්පොත Source....https://www.google.com/amp/s/lk.theasianparent.com

පැතිරයන ඉන්ෆ්ලුවෙන්සාවෙන් දරුවන් බේරාගන්නා හැටි

Image
පැතිරයන ඉන්ෆ්ලුවෙන්සාවෙන් දරුවන් බේරාගන්නා හැටි දකුණූ පළාතේ මේ දිනවල දරුණු ඉන්ෆ්ලුවෙන්සා තත්වයක් පැතිර යමින් පවතී. එය කුඩා දරුවන්ට ඉතා අහිතකර ලෙස බලපෑ හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතයයි. එබැවින් එයින් ආරක්ෂා වීම සඳහා මෙම උපදෙස් මාලාව යෝග්‍ය වෙයි. Source--lanka A news

කුඩා දරුවන් දඟ කරන්නේ ඇයි?

Image
කුඩා දරුවන් දඟ කරන්නේ ඇයි? ශාරීරික හා මානසික රෝගයකින් පෙලෙන්නේ නැති සෑම කුඩා දරුවෙක්ම දඟකාරයෙකි. ළමයි දඟ කරන්නේ වැඩෙන ශරීර ශක්තිය වැය කළ යුතු බැවිනි. කුඩා තිරිසන් සතුන් දෙස බලන්න. දඟ නොකළොත් ඔවුන්ගේ වැඩීමක් සිදු නොවේ. සිංහල ගෙවල් වල ළමයින් දඟ කරනවා දැකීම රුස්සන්නේ නැති අය සිටිති. එයට හේතුව ළමයින්ගේ හැසිරීම වැඩිහිටි අයට නොගැලපෙන බොළඳ ක්‍රියා නිසාය. දඟ කරන ළමයින් පසුපස පන්න පන්නා තලන හැඩි දැඩි වැඩිහිටියන් සිටිති. ඔව්හු කුඩා කළ දඟකරන්නේ නැතිව රෝගීන් මෙන් අයිනක් අල්ලා ගෙන සිටි අය නොවේ. ළමයින් දඟ කරන්නේ වෙන කරන්නට දෙයක් නැති විටය. ඒ නිසා ළමයින්ට කරන්නට වැඩක් හෝ ක්‍රීඩාවක් නියම කිරීමෙන් ඔව්හු දඟ කිරීම වෙනුවට ශරීර ශක්තිය ක්‍රීඩා කිරීම සඳහා වැය කරනු ඇත. දඟ කරන ළමයාට වඩා යම් යම් දේ නැති නාස්ති කරන ළමයා කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. ළමයින් අතට අසුවන දේ කඩා බිඳ දමන්නේ කරන්නට වෙන දෙයක් නැතිවීම, තනිකම හා අසතුට හේතු කොට ගෙනය. සෙල්ලම් කිරීමට හොඳ අය හා සෙල්ලම් බඩු සැපයීමෙන් දඟ කිරීම ඉබේම අඩුවෙයි. මිදුලේ හෝ සාලයේ සෙල්ලම් බඩු නැත්නම්, කෑ කෝ ගැසීමේ හෝ අඬන හෝ සිනාසෙන හඬ නෑසේ නම් එම නිවස කු