ළදරු අතීසාරය

ළදරු අතීසාරය ළදරු අතීසාරයේදී ළදරු මරණ ඇතිවීමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ පිටවන මල කොටස සමග දියර කොටස් පිටවී යාම නිසා වන නිර්ජලතාවය හෙවත් සිරුරේ දියර පදාර්ථය අතිශයින් හීන වී යාමයි. මේ නිසා එබදු නිර්ජලයතාවයක් ඇතිවේගෙන එන්නේ දැයි නිතර පරික්ෂාවෙන් සිටිය යුතුය. නිර්ජලයතාවය ඇති වන විට, සම වියළී යාම , හැකිලීම සමේ ඇදෙන ගතිය වැඩි වීම ඇස් යටට ගිලීම ළදරුවා නිතරම වියළි වූ විට දිව පිටතට දමමින් හැඩීම හිසේ තෙල් වල ගිලා බැසීම දෙනෙත් දීප්තිය නැති වීම ආදී ලක්ෂණ පහළ වේ. මේ ලක්ෂණ පහළ වන විට ළදරුවාගේ හෘදය, මොළය, වකුගඩු ආදී ඉන්ද්‍රියන් අනතුරට මුහුණ පා ඇති බව තේරුම් ගත යුතුය. එහෙයින් වහාම ළදරුවා රෝහලක් වෙත ගෙන යා යුතුය. අතීසාරය නිසා පහළ විය හැකි නිර්ජල්‍යතාවයෙන් ළදරුවා බේරා ගැනීමට ඉතා සුළු ප්‍රතිකර්මයක් කළහැකි වේ. ඒ සදහා පහත දැක්වෙන පානය සාදා ‍ ගෙන මිනිත්තු 10 කට පමණ වරක් තේ හැන්දෙන් 3-4 පමණ ළදරුවාට දින 2ක් 3ක් පමණ නොකඩවා දිය යුතුය. ඒ අතරතුර අතීසාරයට වෙනම බෙහෙත් වර්ග දිය යුතුය. ලුණු තේ හැදි 1ක් සීනි තේ හැදි 8ක් දෙහි යුෂ තේහැදි 1ක් මේ සියල්ල උණු කර නිවාගත් වතුර බෝතල් ¾ ක දිය කර ගන්න. නොයෙක් හේතු නිසා ළදරු අතීසාරය ඇති වේ. ළදරු අතීසාරය වළක්වා ගැනීමට ඇති හොදම මාර්ගය නම් මව් කිරි දීමයි. පිටි කිරි දීමේදි බෝතල් හොදින් නොසේදීම, නොතැම්බීම, අපිරිසිදුකම ආදී කරුණු නිසා නොයෙක් විෂ බීජ වර්ග ශරීර ගත විය හැකිය. සාමාන්‍යයෙන් උණේදිත්, දත් ඒම වැනි අවස්ථා වලදීත් අතීසාරය ඇතිවිය හැක. අතීසාරය ඇති විට හැකිතාක් ද්‍රව වර්ග දිය යුතුය. ඒ සදහා හාල් බැදි කැද හාල් බැදි කැද සාදන විට ඊට කලාදුරු අලයක්, ගම්මිරිස් ඇට දෙක තුනක්, සුදුළූණු බිකක් හා, අමු ඉගුරු කැබැල්ලක් දමා තැම්බීම ඉතාම හොදයි. සුදුරු තැම්බු වතුර අළුත් වලං කෑලි වතුරට දමා, උනුකර නිවා ටික ටික පෙවීමෙන් නිර්ජලතාවයක් (ඩිහයිඩ්රජන්) ඇති නොවේ. මෙය ඉතා ප්‍රත්‍යක්ෂ වෙදකමකි. සුදුරු, අසමෝදගම්, බෙලිමල්, වියළි ඉගුරු, කලං ½ බැගින් ගෙන පත 4-1 ට සිදුවා, මී පැණි දමා ටික ටික බීම. සුදුරු, කොත්තමල්ලි, කලාදුරු අල, ඉරිවේරිය, කලං ½ බැගින් වතුර පත 2- ½ ට සිදුවා, මී පැණි දමා බීම. ඉගුරු අතිවිඩයන්, කලාදුරු අල, ඉරි‍ෙව්රිය, කෙලිද සහල් කලං 1 මදට 4 බැගින් පත 2 – ½ සිදුවා මී පැණි දම‍ා ටික ටික බීම. ඉගුරු ඉස්ම, දෙහි ඉස්ම, සාදික්කා ගල ගා ගත් කල්කය සීනි, මී පැණි දියකර පෙවීම. ජීවානන්ද කල්කය ගුලි 1-2 දක්වා ඉහත කී කෂායක් සමග බීමට දීම. පනු ගුලිය හෝ සාම ගුලිය 2-4 දක්වා උදේ සවස බෙලි මුල්, මලිත මල්, ඉරිවේරිය, ලොත්සුඹුලු, ගජතිප්පිලි, කලං 1 මදට 4 බැගින් වතුර පත 4- ½ සිදුවා දෙවේලට දීම මී පැණි දමා. වියළි කහ, වෙනිවැල් ගැට, කටුවැල් බටු, කෙලිද හාල්, වැල්මී කලං 1 මදට 4 බැගින් ගෙන වතුර පත 4- ½ සිදුවා දෙවේලට මී පැණි දමා දීම. Source-helawedakama.com

Comments

Popular posts from this blog

වැඩුණු දරුවන් ඇඳ තෙමන හේතු

පොඩි බබාල ඉන්න අම්මල තාත්තලට ගොඩක් වටිනව. අනිවාර්යෙන්ම කියවන්න.

වෙළදපොලේ ඇති සබන් වර්ග, ක්‍රීම් වර්ග ඇත්තටම බබාට හිතකරද?