බබාලා පොදුවේ සාමාන්‍යයෙන් පෙන්වන අපහසුතාවන් කීපයක් :

බබාලා පොදුවේ සාමාන්‍යයෙන් පෙන්වන අපහසුතාවන් කීපයක් : ප්‍රතිවාහ (කිරි වමනය යාම) බබාලාගේ බඩවැලේ සාමාන්‍යයෙන් සිදුවන සංකෝචන ක්‍රියාවලිය සිදුවීමට යම් කාලයක් ගත වේ. එය සිදුවන තෙක් බබාලා බොන කිරි සාමාන්‍ය කාලයට වඩා වැඩි කාලයක් ඔවුන්ගේ බඩේ තැන්පත් වී තිබී, නැවත ආපසු එලියට එයි. මෙය “reflux” (රිෆ්ලක්ස්) නමින් හැඳින් වේ. මෙය බබාලාට වයස මාස 4 – 12 වනවිට මඟ හැරී යනු ඇත. මල බද්ධය (බඩ වේලීම) දරුවන් කුඩා කාලයේදී ඔවුන්ගේ මල පහවීම සාමාන්‍ය අයුරින් සිදු නොවේ. සමහර බබාලාගේ මල (අසූචි) වියළි වී, ඝන වීමෙන් ඔවුන් මල පහකිරීමට යත්න දැරීමේදී, හඬා වැටේ ශ්‍රී ලංකාවේ බබාලාට මවු කිරි දෙන මව්වරුන් ගස්ලබු ආහාරයට ගැනීමෙන් බබාලාව මෙම පහසුතාවයෙන් මුදවා ගත හැක. කෙළ පෙරීම මෙය බබාලා ඉපදුන විට පටන් ගන්නා අතර මාස 3 වනවිට නවතී. අතීසාරය (පාචනය) ශ්‍රී ලංකාවේ බබාලාට දියර වශයෙන් මල පහවීම වැළඳෙන්නේ යම් විෂබීජයක් ශරීරගත වීමෙනි. මෙය උණ නොමැතිව සති 3ක් හෝ 3ක් තිබේ නම්, එය කිරි අසාත්මිකතාවයකින් හෝ කිරිවල ඇති සීනි (ලැක්ටෝස්) නිසා විය හැකිය. මේ පිලිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා milk allergy or lactose බලන්න. වමනය මෙය බබාලාට බහුලව සෑදෙන රෝගයකි. මේ අසාදනය වසංගතයක් නිසා ඇතිවන අතර මෙය දින දෙකක් හෝ තුනක් පවතී. ඔබේ බබාට අහාර දීමෙන් පසුව කෙළින් අතට තැබීමෙන් සහ කෙටි ආහාර වේලවල් දීමෙන් මෙයින් වැළැක්විය හැක. කැස්ස කැස්ස ඇතිවීම ඇඳුම(ශ්වාස රෝගයක්) හෝ වසංගත රෝගයක් විය හැක. එසේ නොමැති නම්, එය ඊට වඩා භයානක රෝගයක් වන ගැස්ට්‍රෝ එසොෆොජීල් රීෆ්ලක්ස් නමැති රෝගය විය හැක. යටි බඩේ වේදනාව මෙය සීතලට (සීතල සුළඟ) නිසා ඇති විය හැක. වෙනත් කිසිදු හේතුවක් රහිතව ඔබේ බබා නිතර හඬයි නම්, ඔබේ බබාගේ යටි බඩේ වේදනාවක් විය හැක. මෙය බබාට මාස 3 වනවිට ඉවත් වේ. සෙංගමාලය මෙය සෑදුන විට බබාගේ හම කහ පැහැ ගැන්වේ. බොහෝ දුරට මෙම රෝගය වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව සුව වන අතර, මෙය එතරම් බරපතල රෝගයක් නොවේ. තද උණ උණ පෙන්නුම් කරන්නේ ශරීරය යම් විෂ බීජයක් සමඟ ගැටෙන විටයි. ඔබේ දරුවාට ෆැරන්හයිට් අංශක 100.4 – 102.2ක් පෙන්නුම් කෙරේ නම්, වහාම ළමා වෛද්‍යවරයෙක් වෙත රැගෙන යන්න. ලෝකයේ දෙමව්පියන්ට මුහුණ පෑමට සිදුවන ඉතාම කරදරකාරී අවස්ථාව වන්නේ තම බබාලා අසනීප වන විටයි. මෙම අසනීප වලින් බොහොමයක් ඉතා බිහිසුණු ඒවා නොවේ. කෙසේ නමුත්, ඔබේ සහජ බුද්ධිය මෙහෙයවා සිතා බලා, ඔබේ බබාට වැළඳී තිබෙන්නේ ඔබට නිවසේදී ප්‍රතිකාර කළ නොහැකි රෝගයක් යයි දැනේනම්, වහාම ළමා වෛද්‍යවරයෙක් වෙත බබාව රැගෙන යන්න. ආදර දෙමව්පියනි, කලබල නොවී,සන්සුන්ව සිටිමින් නිවැරැදී දේ කිරීමට උත්සුඑයට හේතුව, කුඩා දරුවන් සමහර අවස්ථාවල දී අසනීප වන හෙයිනි! Mummypage..lk

Comments

Popular posts from this blog

වැඩුණු දරුවන් ඇඳ තෙමන හේතු

පොඩි බබාල ඉන්න අම්මල තාත්තලට ගොඩක් වටිනව. අනිවාර්යෙන්ම කියවන්න.

වෙළදපොලේ ඇති සබන් වර්ග, ක්‍රීම් වර්ග ඇත්තටම බබාට හිතකරද?